Spoken ESL ඇතුළු වන්න

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි..."

  • ඉංග්‍රීසි බසින් ලියවුනු තෝරාගත් ග්‍රන්ථ කියවන්න
  • රසවත් දෙබස් වලට සවන් දෙන්න
  • උච්චාරණය පුහුණු වන්න
  • සිංහල පරිවර්තන හා තේරුම් ලබා ගන්න
  • මුල් දින 30 නොමිලේ. ඉන්පසු, වසරකට රු. 5,000/=

ආයුබෝවන්!


මේ වන විට ලොව පුරා බිලියන දෙකකට ආසන්න ජනතාව ඉංග්‍රීසි භාෂාව භාවිතා කරති. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත.

විද්‍යාව, කලාව, මූල්‍ය ක්ෂේත්‍රය, ප්‍රකාශන ලෝකය, ක්‍රීඩා, දේශපාලන සහ සංචාරක ක්ෂේත්‍රය යනාදී සියල්ල ඉංග්‍රීසි බසට නතු වී හමාර ය.

ඉංග්‍රීසි භාෂාව කුසලතා පරිපුර්ණව හසුරුවන්නට අවැසි ළමුන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින්, අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් ඔබගේ ඉංග්‍රීසි භාෂා කෞෂල්‍ය ප්‍රගුණ කර ගැනීමට ඉඩ සලසා දීම අපගේ අරමුණ යි.

මෙම වෙබ් අඩවියයේ විශේෂාංග කිහිපයක් පහත දැක්වේ:


ඩිජිටල් පොත්පත්. ඕනෑම තැනක හෝ වේලාවක කියවීමට.

ඕනෑම උපාංගයකින් ඕනෑම තැනක සිට කියවිය හැකි ඉංග්‍රීසි බසින් ලියැවුනු ඩිජිටල් පොත්පත් රාශියක් මෙහි අන්තර්ගත වේ.


පොත් පටිගත කිරීම්. සවන් දීමෙන් රසවිඳීමට.

ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ වලට සවන් දීමේ හැකියාව සළසන රසවත් පටිගත කිරීම් මෙහි ඇතුලත් වේ.


උපකාරක පරිවර්තන. අවබෝධය දියුනු කිරීමට.

පොත තුළ වචනයක් හෝ පෙළ කොටසක් තෝරාගැනීමෙන් හෝ තිරය මත ඉස්මතු කිරීමෙන්, එම කොටසට අදාල සිංහල පරිවර්‍තනයක් ලබා ගත හැකි වේ.


වචන කියන ශබ්දකෝෂය. උච්චාරණය පුහුණු වීමට.

ඕනෑම ඉංග්‍රීසි වචනයක තේරුම දැනගැනීමටත්, එම වචනය නිවැරදිව උච්චාරණය කරන තෙක් පුහුණු වී, ඔබගේ හැකියාව සනාථ කරගැනීමටත් මෙම සේවාව ඔස්සේ ඔබට මඟ සැළසේ.


දිනයේ ප්‍රහේලිකාව. ඔබගේ හැකියාව දැනගැනීමට.

ඉංග්‍රීසි වචන මාලාව දියුණු කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ආකර්ෂණීය ක්‍රීඩාවක් මෙහි අන්තර්ගත වේ.


*මෙම විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට පහත සඳහන් ආයතන දායක වී ඇත: LibriVox, Internet Archive, Project Gutenberg.

*kadda.online ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයද, Spoken ESL අනුග්‍රහයෙන් ඔබ වෙතට ගෙනෙන තවත් සේවාවකි. kadda.online වෙබ් අඩවිය.